Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ලබන සඳුදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය හට කැඳවීමක් ලැබී තිබෙනවා. තංගල්ල පොලීසිය හරහා එම කැඳවීම ලැබුණු බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප‍්‍රකාශ කලේ. මෙම කැඳවීමට හේතුව කුමක්ද යන්න එහි සඳහන් වී නැහැ. කෙසේ වෙතත් සිරිලිය සවිය පදනමේ බැංකු ගිණුමක් සම්බන්ධයෙන් පසුගිය දිනවල ශිරන්ති රාජපක්ෂ මහත්මියට චෝදනා එල්ල වී තිබුණා. ලැබී ඇති පැමිණිල්ලක් විමර්ශනය කිරීම සඳහා එසේ පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.

පසුගිය පාලන සමය තුළදී තම මව දේශපාලන කටයුතු වෙනුවෙන් මැදිහත් නොවුණු අතර යහපාලන ආණ්ඩුවේ ස්වභාවය විටින් විට පෙන්නුම් කරමින් සිටින බව නාමල් රාජපක්ෂ මහතාගේ ට්විටර් පණිවිඩයේ සඳහන්. ඕනෑම චෝදනාවක් තමන්ට සහ තම පියාට එල්ල කරන ලෙස අභියෝග කරන බවයි එමගින් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ. මෙවැනි පළිගැනීම් හේතුවෙන් යහපාලන ආණ්ඩුවේ ගමන කෙටි කාලයකින් ආපසු හැරවෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live