Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

අඳුරු යුගයක් නිමාකොට මෛත‍්‍රී පාලනයක් ගොඩ නංවා ජාතික රූවපාහිනියේ අනාගතය සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් කටයුතු කල යුතු බව ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පොදු සේවක එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
සහෝදරය/ සහෝදරිය,
ඔබ අප දන්නා පරිදි සමස්ත ශ‍්‍රී ලාංකික සමාජ දේහයම ඒකාධිපති අඥදායකත්වයක් හමුවේ අභියෝගයකට ලක්ව තිබෙන මේ මොහොත රටට තීරණාත්මක නිමේෂයකි.රටේ පොදු දේපල සිය පුද්ගලික සුඛවිහරණය වෙනුවෙන් භාවිතයට ගනු ලැබීමේ කටුක වූත් නීරස වූත් අත්දැකීම ජාතික රූපවාහිනියේ සේවකයන් ලෙස අපිදු අත්විඳිමින් සිටින්නෝ වෙමු.
කලකට පෙර සශ‍්‍රීක ආයතනයක් ලෙස වර්ධනය වෙමි
න් පැවති මෙම ජාතික ආයතනය අද වනවිට කිහිප දෙනකුගේ පුද්ගලික බූදලයක් ලෙස අවභාවිතයට ගනු ලබන බව නොදන්නෝ කවරහුද? ජාතික වගකීම් සහ යුතුකම් වෙනුවට එක් පුද්ගලයකුගේ සහ ඔහුගේ පවුලේ අයගේ අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් යොදා ගැනීම නිසා සේවක වැටුප් ගෙවා ගත නොහැකි ආර්ථික අතින් දුගී ආයතනයක් ලෙසට පරිවතනය වීම මේ මොහොතේ අපේ අවධානයට ලක් කළ යුතුව තිබේ.
ජාතික රූපවාහිනිය ජාතික කර්තව්‍යයට කැප වෙමින් වුව සිය ආදායම සරු කරගත් ක‍්‍රිකට් විකාශන අයිතිය අද වනවිට රටේ පාලකයාගේ පුත‍්‍රයාගේ භුක්තියට නතු කර තිබීම අපගේ අවධානයට ලක් විය යුතු ප‍්‍රමුඛ කරුණකි. ක‍්‍රිකට් වසන්තය එළැඹි කල්හි අප ආයතනය රට වෙනුවෙන් කරනු ලබමින් සිටි කාර්යයේ වැය පියවීම ගැටළුවක් නොවූ අතර වාර්ෂිකව කිසිදු අවහිරයකින් තොරව ප‍්‍රසාද දීමනා ආදී වරප‍්‍රසාද භුක්ති විඳීමේ අයිතිය හිමිව තිබිණ.
එහෙත් අද වන විට එම තත්ත්වය ඉතා කණගාටුදායක අයුරින් බිඳ වැටී ඇති බව නොරහසකි.ආණ්ඩුවේ කුණු සහ මඩ අදිමින් අපගේ වටිනා ගුවන් කාලය ආදායමකින් තොරව විනාශ මුඛයට තල් ̈කරමින් තිබියදී රටේ පාලකයාගේ පුත‍්‍ර රත්නය අප කලින් ලැබූ ආදායම් වාසිය සිය පුද්ගලික ගිණුම්වලට බැර අපගේ ආදායමේ වැඩි බරට උර දී තිබූ ටෙලි නාට්‍ය විකාශය අද වනවිට ඇමතිවරයාගේ සහ ඔහුගේ හෙංචයියලාගේ අතයට ගනුදෙණු මත සිදුවේ.
කපුවා හිටගෙන කරනදේ ගෝලයන් දුව දුව කරන බැවින් ජාතික රූපවාහිනියේ විකාශය වන්නේ ප‍්‍රමිතියෙන් බාල අවර ගණයේ ටෙලි නාට්‍යයන්ය. ජනප‍්‍රසාදයෙන් දුරස් වූ අවර ගණයේ ටෙලි නාට්‍ය නිසා එතෙක් අප සමග සිටි පේ‍්‍රක්ෂක ජනතාව ඈත්ව සිටින අතර අපගේ ආදායමද සීඝ‍්‍ර ලෙසින් පහත වැටී ඇත. වැටුප් ගෙවීමට බැංකු අයිරා පවා ප‍්‍රමාණවත් නොවේ. මේ අනුව 2015 ජනවාරි මස වැටුප් ගෙවීම අවදානමකට ලක්ව තිබේ.
එහෙත් සභාපතිවරයාගේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙමින් තිබේ. ඔහුට අනුව මේ ජාතික රූපවාහිනියේ ස්වර්ණම යුගයයි. ආදෝමැයි.!රූපවාහිනිය වැනි වැදගත් ආයතනයකට නොසරිලන අවිධිමත් පරිපාලන ව්‍යුහය ආර්ථික අතින් දුර්වල වෙමින් පවතින ආයතනය ඉක්මන් බිඳ වැටීමක් කරා කැඳවා ගෙන යනු ලබමින් තිබේ. අතිශය දුර්වල, ́ඕලාරික වූ පාලකයෝ පොදු සේවකයාගේ රැකියා සුරක්ෂිතභාවය පරදුවට තබා සූදු කෙළිමින් සිටිති.
නුසුදුසු පුද්ගලයන් ආයතනයේ කීර්තියත් ධනයත් පරිපාලන ව්‍යුහයත් විනාශ කරමින් සිටින්නේ අඳ බාලයන් ලෙස හැසිරෙමිනි. පොදු සේවකයාගේ අතිකාල සහ අනෙකුත් වරප‍්‍රසාද කප්පාදු කරමින් සභාපතිවරයාත් අධ්‍යක්ෂ ජනරාල්වරයාත් රාසපුත‍්‍ර, සුනිල්, සෝමපාල ප‍්‍රමුඛ නූගත් නඩයත් සංස්ථා වත්කම් විනාශ මුඛයට ඇද දමමින් නොනැවතී සිය අනුගාමික අතලොස්සට අතිකාල හා වරදාන පිරිනමමින් සිටිති.
අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කුලී පදනමට ගත් වාහනයට මාසිකව රුපියල් තුන් ලක්ෂයකට ආසන්න මුදලක් වැය කරන්නේ ඔහු ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් කරන අහවල් කාරියක් නිසාද? සභාපතිවරයා රජයේ විශ‍්‍රාම වැටුප් වරප‍්‍රසාදයක් භුක්ති විඳිමින් වුව ආයතනයේ වියදමින් භුක්ති විඳින ආර්ථික වරප‍්‍රසාදය අති මහත්ය. ජාතික රූපවාහිනියේ 2015 සුබ පැතුම් පතට සිය නම සහිත කවියක් ඇතුළත් කළ අංක එකේ චෞරයා වන්නේද මේ සභාපතිවරයාය.
පොදු සේවකයන් පමණක් නොව අධ්‍යක්ෂ ජනරාල් පවා සුබ පැතුම් පත් ප‍්‍රතික්ෂේප කිරීම නිසා අපතේ ගිය ජනතා මුදල් මේ චෞරයාගෙන් අය කර ගත යුතුය. ගුවන් කාලය දැන්වීම්වලින් පුරවා දමා ඇතත් ආදායම් නිසි කලට ගිණුම්ගත නොවීම නිසා වෙළඳ ප‍්‍රචාරණ ආයතන අනිසි ලෙස උපයා ගන්නා ආදායම මසකට රුපියල් මිලියන සිය ගණනකි. වැඩසටහන් පිළිබඳ විධිමත් කතිකාවකින් තොරව පොදු සේවක මතය යටපත් කොට ගුණාත්මක බවින් හීන අතිශය දුර්වල නිර්මාණ ඉදිරිපත් කිරීම සහ රණවිරු රියල් ස්ටාර් වැනි ආයතනයට කිසිදු කීර්තියක් අත්පත් නොවන වැඩ සටහන් පාඩු ලබමින් පවත්වා ගෙනයාම තව කොතෙක් කාලයක් මේ ආයතනයට ඔරොත්තු දේද?
කළමනාකරණ සේවා අනුමැතිය ලත් සේවක වැටුප් සහ උසස්වීම් ක‍්‍රියාවලිය තනිකරම නිදහස් සේවක සංගමයේ භුක්තියට නතු කර තිබීම නිසා ඉංජිනේරු අංශය වැනි වැදගත් අංශයන් හී සේවක අභිපේ‍්‍රරණය බිංදුවට පල්ලම් බැස තිබේ. සංස්ථාවේ සුබ සාධන ක‍්‍රියාවලිය පවා මුග්ධ රැළකගේ භුක්තියට සවිව තිබේ. වසර ගණනකින් සාමාජික මුදල් පිළිබඳ ගිණුම් පරීක්ෂාවක් සිදු කොට නැත. සංස්ථා භූමියේ පුද්ගලික හිතවත්කම් මත අලෙවි සැලක් පවත්වා ගෙන යයි.
එහි ආදායම් වියදම් ගිණුම් පරීක්ෂාවක් නොකට .අධි ආර්ථික වටිනාකමක් ඇති මේ භූමිය පුද්ගලික හිතවත්කම් මත බාහිර පුද්ගලයන්ට නොමිලේ භාවිතයට ගැනීමට ඉඩ හැර තිබීම මුග්ධ ක‍්‍රියාවක් බව මේ පාලකයන්ට නොපෙනේද? අනෙකුත් රාජ්‍ය/සංස්ථා සේවකයන් භුක්ති විඳින වයස අවුරුදු 60ක් දක්වා සේවය කිරීමට ඇති ව්‍යවස්ථාපිත අයිතිය අහිමි කරමින් රූපවාහිනියේ ජ්‍යෙෂ්ඨ සේවකයන් අවුරුදු 57න් බලහත්කාරයෙන් විශ‍්‍රාම ගන්වමින් තිබේ.
නූගත් මිනිසුන්ගේ වෛරී ආකල්ප නිසා පළපුරුදු සේවකයන්ගේ දායකත්වය මේ පුණ්‍ය භූමියට අහිමි වෙමින් තිබේ. එය අවාසනාවන්ත තත්ත්වයකි. මෙය වහා නිවැරදි කරගත යුතුය.මේ නිශ්චිත මොහොත පොදු සේවක අපට අතින් යමක් සිතන්නට අවස්ථාවක් උදාකර තිබේ. ජාතික රූපවාහිනිය අද මුහුණ පා සිටින අර්බුදයට වගකිව යුත්තේ රටේ පාලකයාය.
ඔහුගේ අවශ්‍යතාව මේ ජාතික ආයතනය වළපල්ලට යවා තම පුතුගේ නාලිකාව පෙරට ගැනීමය. ඒ අර්ථයෙන් ගත් කළ ජාතික රූපවාහිනිය බේරා ගත යුතුව ඇත්තේ මේ පාලකයා වෙතින් බව අප වටහා ගත යුතුව තිබේ. රට මුහුණ දී සිටින ආර්ථික ඒකාධිපතීත්වයෙන් මුදවා ගැනීමට එළැඹෙන 2015 ජනවාරි 8 දින පවත්වන්නට නියමිත ජනාධිපති මැතිවරණය භාවිතයට ගැනීමට පුරවැසියා සැදී පැහැදි සිටින බව අපි දනිමු.
එම තීරණාත්මක ඡන්දය අපගේ බාරකාරත්වයට පත්ව ඇති මේ අගනා ආයතනය යළි නගා සිටුවීමට ලද වරමක් ලෙස භාවිතා කිරීමට අප ප‍්‍රමාද නොවිය යුත්තේ එහෙයිනි.රටේ වැදගත් පුරවැසියන් ලෙස අප මේ අවස්ථාව ඉහත කී සිය ̈නොපනත්කම් වලින් ජාතික රූපවාහිනිය බේරා ගැනීමේ වරමක් සේ ගත යුතුය.
ප‍්‍රිය සහෝදරය/සහෝදරිය,
ඔබ පැරැන්නකු වුවත් නව පත්වීමක් ලද නවකයකු වුවත් කුමන පක්ෂයක සාමාජිකයකු වුවත් ඔබ මේ මොහොතේ ජාතික රූපවාහිනිය යළි ඉහළට ඔසවා තැබීමේ සාමූහික වගකීමට උර දිය යුතුය. එය ඔබ වෙත පැවරී ඇති ජාතික වගකීමකි. එනිසා අපි ඔබට මෙසේ ආයාචනය කර සිටින්නෙමු.ජාතික රූපවාහිනිය එරී ඇති මජර පරිපාලනයෙන් ගලවා ගැනීමත් දැඩි ලෙස ගිලන්ව තිබෙන ආයතනය සුවපත් කිරීමත් අපගේ මාතෘභූමිය යහපාලනයකට නතු කිරීමේ උවමනාවත් වෙනුවෙන් එළැඹෙන ජනවාරි 8 දා පළමුව පුරවැසියන් ලෙසත් දෙවනුව ජාතික රූපවාහිනියේ සේවකයන් ලෙසත් සිතා රටේ සිය ̈ පුරවැසියන්ගේ ආශිර්වාදය මැද පක්ෂ, පාට, ජාති, ආගම්, ඡන්ද සලකුණු භේද දුරලා පොදු අපේක්ෂකත්වයෙන් පෙරට පැමිණ සිටින ගරු මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ”හංසයා ̃ ලකුණ දිනවීම සදහා අපගේ ඡන්දය භාවිතා කිරීමට අදිටන් කර ගනිමු.
අඳුරු යුගයක් නිමාකොට මෛත‍්‍රී පාලනයක් ගොඩ නංවා මේ මහඟු ජාතික ආයතනයේ අනාගතය සුරක්ෂිත කර ගනිමු.



Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live