Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. අමාත්‍ය මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කරනු ඇති බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ. වඩාත් ඵලදායී ලෙස අමාත්‍යාංශ බෙදා වෙන් කිරීම කෙරෙහි මේ වනවිට අවධානය යොමුව තිබෙනවා. කෘෂිකර්මාන්තයට අදාළ සියලූ විෂය පථයන් කෘෂිකර්ම අමාත්‍යාංශ යටතට පත් කොට කෙටි කලක් තුළ ගොවි ගැටළු වලට විසඳුම් ලබා දිය යුතු බවයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ යෝජනාව වී තිබෙන්නේ.

පොල් සංවර්ධන, සුළු අපනයන බෝග, වැවිලි කර්මාන්ත, ගොවිජන සේවා, සීනි කර්මාන්ත, ආදි ලෙස බෙදා වෙන් වෙන් වශයෙන් මෙතෙක් කි‍්‍රයාත්මක වූ විෂය පථයන් මෙවර කෘෂිකර්ම අමාත්‍යාංශයේ යටතට පමණක් පැවරෙනු ඇති. එමෙන්ම අධ්‍යාපන, තරුණ කටයුතු, සංචාරක, සමෘද්ධි වැනි විෂය පථයන් වඩාත් ඵලදායී ලෙස කි‍්‍රයාත්මක කළ හැකි පරිදි අමාත්‍යාංශ බෙදා වෙන් කිරීමටයි සැළසුම් කර තිබෙන්නේ. එමෙන්ම අමාත්‍යාංශ හතළිහ ඉක්මවා නොයන බවත්, ඊට අදාළව එක් අමාත්‍යවරයෙකු පත් කෙරෙන බවත් එක්සත් ජාතික පක්ෂය ප‍්‍රකාශ කර තිබුණා.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live