රජය ගෑස් මිල ඊයේ (06) රාත‍්‍රියේ සිට රු. දෙසීයපනහකින් (250) අඩු කළද නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ඇතැම් ගෑස් අලෙවි නියෝජිතයන් ගෑස් පරණ මිල වන රු.දෙදහස් දෙසීය හතලිස්හයකටම (2246) අලෙවි කරන බවයි ගෑස් පාරිභෝගිකයින් පවසන්නේ.
නව මිල අනුව කිලෝග‍්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක් රු. එක්දහස්නවසිය අසූහය (1986) මිලකට අලෙවි කළ යුතුය. මේ පිළිබඳව පාරිභෝගිකයින් ගෑස් අලෙවි කරන වෙළෙඳුන් ගෙන් විමසා සිටියත් ඔවුන් පවසා ඇත්තේ තමන් සතුව ඇත්තේ පරණ මිලට ගෙන ආ ගෑස් තොග බවත් නව මිලට ගෑස් ලැබුණු පසු නව මිලට ගෑස් නිකුත් කරන බවයි.
මේ පිළිබඳව අප නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම් ඩි .පී.ජී. කුමාරසිරිගෙන් කළ විමසුමකදී ඔහු පවසා සිටියේ ගෑස් මිළ වැඩිවෙන අවස්ථාවේ ක්ෂණිකව ගෑස් මිළ වැඩි කර අලෙවි කරන නියෝජිතයින් ගෑස් මිල අඩු කළ විට එම වාසිය ගෑස් පාරිභෝගිකයන්ට ලබා දිය යුතු බවයි. එසේ නොකරන ගෑස් අලෙවි නියෝජිතයින් වෙතොත් 0773232438 යන ජංගම දුරකථන අංකයට කතා කර දැණුම් දෙන ලෙසත් එවැනි වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙළෙඳුන් පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරින් හරහා වැටලීම් කර එම වෙළෙඳුන් නීතියේ රැහැනට හසුකර ගැනීමට අවශ්‍ය කටයුතු කරන බවයි.