Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීමේදී එම මුල්‍ය ගෙවීම් පළමු වරට   ක්‍රෙඩිට්කාඩ් සහ ජංගම දුරකථනය ඔස්සේ සිදු කිරීමට පහසුකම් සැලසේ.
මෙම සේවාව දකුණු පළාතෙන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
වාහන ආදායම් බල පත්‍රය අන්තර්ජාලය ඔස්සේ ලබා  ගැනීමේ පහසුකමද මේ සමගම  දකුණු පළාතටද හදුන්වා දීමට නියමිත බව නියෝජිතායතනය සදහන් කරයි.
මෙම පළා‍තේ  ලියාපදිංචි වාහන හිමිකරුවෙකුට සිය වාහන ආදායම් බල පත්‍රය පළාතේ ඕනෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකින්  ලබා ගැනීමේ පහසුකම මේ වන විට ලැබී තිබෙන අතර මෙම නව පහසුකම් හදුන්වාදීමත් සමගම  ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත පැමිණ
ආදායම් බල පත්‍රය ලබා ගැනීමේදීත් ඉහත සදහන් ක්‍රමවේද ඔස්සේ මුල්‍ය ගෙවීම් කිරීමට හැකිවීම විශේෂත්වයකි.
අන්තර්ජාලය ඔස්සේ මෙම සේවාව ලබා දීම බස්නාහිර පළාතෙන් ප්‍රථමයෙන් ආරම්භ කෙරුණු අතර එහිදී  ලද සාර්තකත්වය මත දකුණු පළාතට හදුන්වාදීමට පියවර ගත් බව  නියෝජිතායතනය පවසයි.
‍මෙම 2014  වසරේදී මේවන විට බස්නාහිර පළාත තුල අන්තර්ජාලය ඔස්සේ වාහන ආදායම් බල පත්‍ර මිලියනයක් පමණ නිකුත් කර තිබෙන බවද නියෝජිතායතනය පවසයි.
අන්තර්ජාලය ඔස්සේ  www.srilanka.lk සහ  www.gov.lk වෙබ් අඩවි වලට පිවිසීමෙන් මෙම පහසුකම ලබා ගැනීමට හැකිවේ.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live