දැන් ඉදිරි ජනාධිපතිවරණයට අපේ පක්ෂයේ මහලේකම් තුමා ඉදිරිපත් වී සිටිනවා. එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් කරන්න වෙලා තියෙන්නෙ අපේ පක්ෂයේම කෙනෙක්. මේ හරියට එ.ජා.ප. මහලේකම් තිස්ස අත්තනායක මහතා අපේ පක්ෂයෙන් ඇවිත් ජනාධිපතිවරණයට ඉල්ලනවා වගේ වැඩක්.
දැන් රනිල් වික්‍රමසිංහ මහතාට ගෙදරටත් මෛත්‍රි, පිටත් මෛත්‍රි. එදා සරත් ෙµdන්සේකා මහතා අහුවුණා. අද අපේ පක්ෂයේ මහලේකම්තුමා අහුවෙලා. මට කියන්න තියෙන්නෙ අනේ පව් මෛත්‍රී කියලා.
දිවිනැඟුම වැඩ පිළිවෙල දිළිඳුකම තුරන් කිරීමට වගේම ගම හදන ගමේ නායකයෝ හදන රටට නායකයන් බිහිකරන පුළුල් පරාසයක් ආවරණය කරගත් වැඩපිළිවෙලක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
කොළඹ, කැම්බල්පිටියේ දී ඊයේ (21 දා) පැවැති දිවිනැඟුම ජාතික සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද කීවේය.
දිවිනැඟුම පළමු ජාතික මහා සම්මේලනයට මම සුබ පැතුම් පිරිනමනවා. ඒ වාගේම මට මේ අවස්ථාවට ආරාධනා කළ ප්‍රජා මූලසංවිධාන, ප්‍රාදේශිය සංවිධාන, දිස්ත්‍රික් කමිටු ඇතුළු දිවිනැඟුම නිලධාරීන්ට මාගේ ස්තූතිය පුදකළ යුතු වෙනවා.
දිවිනැඟුම දෙපාර්තමේන්තුව මේ රටේ සංවර්ධන ගමන්මගේ විශේෂ අවස්ථාවක්. දැවැන්ත අභියෝග වගේම කකුලෙන් ඇදීම් එක්කයි අපි මේ ජනතා අපේක්ෂාව ජයග්‍රහණය කළේ. දෙවරක් අධිකරණයට ගියා. ඒ ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය. විපක්ෂය දේශපාලන පරාජිත බව වහගන්න මේ පනතට විරුද්ධවෙන කොට බෙදුම්වාදීන් කළේ තමන්ගේ පැවැත්ම රැක ගන්න මේකට විරුද්ධ වීමයි. පළාත් සභා බලතල කප්පාදු වෙනවා. පළාත් සභා අනුමැතිය ගන්න ඕනෑ කිව්වා. පක්ෂ නායකයින් මෙය කල් දමන්න කිව්වා. නමුත් අපි එය ඉදිරිපත් කළා. මේවා අපි කළේ ජනතාවගේ දේවල් ජනතාවට අහිමි නොකර ආණ්ඩුවක වගකීම දරමින් ඒ අයිතිවාසිකම ඔබට ලබාදුන්නා. නමුත් සමහරු ඡන්දය දෙන කොට බෙදුම්වාදයට යටත් වුණා. නමුත් අපි ඒවාට විරුද්ධ වුණේ නැහැ. එක් කාලයක් අපට මතකයි ස්වාධීන තීරණ දුන්නාම වහළට ගල් ගැසුවා. එහෙම යුගයක් තිබුණු බව සමහරුන්ට අමතකයි.
මේ සම්මේලනය සමරන අවස්ථාවේ ඔබ මතක තබාගන්න ඔබට මේ පනත, අයිතිවාසිකම ඔබට ලැබුණේ බන්දේසියක තියලා රෝසමල් යහනාවක් උඩින් නම් නොවෙයි. මෙය ඉතා බුද්ධිමත්ව හා ඉවසීමෙන් ලබා ගත් ජයග්රහනයක්. රාජ්‍ය සේවය සමහරුන්ට වහ කදුරු වගේ. රාජ්‍ය සේවය ගැන ඒ අයට වැඩි විශ්වාසයක් තිබුණේ නැහැ. රාජ්‍ය සේවය කප්පාදු කළ යුගයක් තිබුණා. රාජ්‍ය සේවය ලක්ෂ 07 සිට 03 දක්වා අඩුකරන්න ඕනෑ කිව්වා. ඒ සේවාවන් රාජ්‍ය නොවන සංවිධානවලට, සමාගම්වලට භාර දෙන්න කටයුතු කළා. ඒ වගේ තත්ත්වයකට රට වැටෙන්න ගියා. නමුත් ඔබ 2005 දී අපි බලයට පත් කරලා ඒ ක්‍රමයට තිත තියන්න ඔබට පුළුවන් වුණා. ඔබ අහලා හුරු ඔබ දැකලා තියෙන්නේ දෙපාර්තමේන්තු අධිකාරි, මණ්ඩල බවට පත් කළා. වැටුප කපපාදු කරනවා. විශ්‍රාම වැටුප කප්පාදු කරනවා. නමුත් අපි අධිකාරිය අහෝසි කරලා දෙපාර්තමේන්තුවක් හදලා මේ රටේ ජනතාවගේ වගේම 27,000 ක් නිලධාරීන්ගේ රැකියා ආරක්ෂා කරන්න අපිට පුළුවන් වුණා. දිවිනැඟුම සංවිධාන ජාලයකින් මේ රටේ නැගී සිටින ජනතාවට අද රැකවරණයක් තිබෙනවා. දිවයිනේ සෑම ග්‍රාම සේවක කොට්ඨාසයක්ම ආවරණය වෙන ප්‍රජා මූල සංවිධාන 35,000 ක් අද ගොඩ නගා තිබෙනවා.
අපේ රට පාලනය කළ සෑම ආණ්ඩුවක්ම ගම නගන කාර්යයට මුල පිරුවා. දුප්පත්කමට පිළියම් හෙව්වා. අපිට අවශ්‍ය නැහැ දුප්පතා හැමදාම දුප්පතා ලෙසම තබන්න. ජනතාවගේ අවශ්‍යතාවය මත ඔවුන් ගොඩනගන්න ඕනෑ. නැතිව ජනතාවගේ සිතුම් පැතුම් පැත්තකට දමා ගමක්, ජනතාවක් ගොඩනගන්න බැහැ. එය සන්තෝෂ වෙනවා ප්‍රජාව මූලික කරගත් ප්‍රජාවගේම අදහස් නාමයෝජනා වලින් දිවිනැඟුම ගොඩනැගීම පිළිබඳව, මේක මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ව්‍යාපෘතියක් හැටියට වඩා ජාතික අරමුණක් ඇති දීර්ඝ කාලීන වැඩපිළිවෙලක්. දිවිනැඟුම දිළිඳුකම තුරන් කිරීමට වාගේම ගම හදන, ගමේ නායකයෝ හදන, රටට නායකයින් බිහි කරන පුළුල් පරාසයක් ආවරණය කරගත් වැඩපිළිවෙලක්. එය හරියාකාරව මෙහෙයවීමයි වැදගත් වෙන්නේ.
සමහරු හිතන්නේ ගමේ ඉන්නේ සිතන්න බැරි, වගකීම් දරන්න බැරි නිර්මාණශීල හැකියාවක් නැති කණ්ඩායමක් කියලා. ඔබ ගැන ඔවුන්ට පෙනෙන්නේ ඔබ සහනාධාරය බලාගෙන ඉන්න පිරිසක් හැටියටයි. ඒ විදිහට තමයි ඔබ දෙය බලන්න කැමැති. ඒ නිසා හැම වෙලාවේම මොකක් හෝ දෙයක් දීලා ඡන්ද ටික එකතු කර ගන්න හැදුවා. ගමට වැඩ පිළිවෙලක් නොදුන්නේ ගම ස්වශක්තියෙන් ගොඩ නැඟුනොත් මේ අයගේ දේශපාලනයට තිත වැටෙන නිසයි. ඒක අපි වෙනස් කර තිබෙනවා. 2006 සියයට 15.2 ක් වුණ දරිද්‍රතාවය අද සියයට 6.7 ක් දක්වා පහළට ගන්න අපි සමත් වුණා. ඡන්ද 28 කදී ජනතාව අපිව දිනලා තිබෙනවා. 29 ත් අප දිනනවා. අපට පොදු ජනතාව විශ්වාසයි. ඒ නිසා අපි ඔබ ඉල්ලූ දේ ඉටු කළා. ඒ සඳහා ඔබ සූදානම් විය යුතුව තිබෙනවා. මෙහි සිටින අයට නිවස, වැසිකිළි, කැසිකිළි හදන්න යම් මුදලක් දුන්නා. එක් යුගයක වැසිකිළියක් හැදුවත්, ගෙදරකට තහඩු දුන්නත් ගෙයක් හදලා දුන්නා වෙනවා. එහෙමයි ගෙවල්වලට ගණන් හැදුවේ. අද එහෙම නැහැ. ඔබට හොඳ පරිසරයක් හදන්න.
දුවට, පුතාට නව බලාපොරොත්තුවක් ඇතිව අනාගතයට ජය ගන්න ජවය අපි ඇති කළ වෙනස නිසා ලැබිලා තියනවා. අද ගමට ගුවන් තොට, වරාය එනකොට ඒ හැම දෙයකදීම අපේ ගමේ තරුණයන්ට රැකියා අවස්ථා ලැබෙනවා. රට දියුණු වෙන ආකාරය පෙනෙනවා. සැලැස්මක් අනුව රට දියුණු වෙනවා. ඒ අද අපි නගරයේ තිබෙන පහසුකම් ගමට ගෙනැවිත් ගමේ සුන්දරත්වය නගරයට ගෙනත් තිබෙනවා. අද කොළඹ නගරයේ ඇවිදින ඔබට එය පෙනෙනවා. එදා කැළි කසළ පිරුණු ගඳ ගහන කොළඹක් තිබුණේ. අද එහි වෙනස ඔබට පෙනෙනවා.
මේ රට ඔබේ දරුවාට භාර දීමයි අපේ යුතුකම. ඒ සඳහා අපි අද සූදානම් වෙලා ඉන්නවා. ඔබ මෙතැනට ඇවිත් ඉන්නේ දිවි නැඟුම පිළිබඳ අවබෝධයෙන්. එහි ප්රතිලාභ ඔබ දන්නවා.
මෙහිදී ජනාධිපතිවරයා දෙමළ බසින් දක්වන ලද අදහස් මෙසේය.
අද ඔබ හැමෝටම ඉතාමත්ම සතුටුදායක දවසක්. අමතක කරන්න බැරි දවසක්. අවුරුදු ගණනාවක් තිස්සේ සමෘද්ධි වැඩසටහන යටතේ හිටපු ඔබලා දැන් නව දිවිනැඟුම තුළින් මෙහි පැමිණ සිටිනවා. අද ඔබලාගේ ප්‍රථම ජාතික සමුළුව මෙහි දී පැවැත්වෙනවා. ඔබ හැමදෙනාමෙන් ඔබගේ මේ සමුළුවටත් මගේ ආදරණීය සුබ පැතුම්· දිවිනැඟුම ආරම්භ කරන අවස්ථාවේ දී ඇතිවෙච්ච විවිධ ප්‍රශ්න කිසිවක් මින් මතුවට නැහැ. දැන් ඔබලාට හැම පහුකමක්ම ලැබී තිබෙනවා. ණය පහසුකම් වැඩි කර තිබෙනවා. ණය සඳහා වූ පොලී ප්‍රමාණය අඩුකර තිබෙනවා. බැංකු හරහා පහසුකම් ලබා දී තිබෙනවා. විශ්‍රාම වැටුප් පහසුකමත් දැන් ලබා දී තිබෙනවා. මින් මතු ඔබලාගේ රැකියාවට හැම විටම ආරක්ෂිත භාවයක් තිබෙනවා. මහින්ද චින්තන වැඩ පිළිවෙළ ජනතාව අතරට ගෙන ගිය අවස්ථාවේ දී අපි ඔබලා කෙරෙහි විශ්වාසය තැබුවා. ඒ විශ්වාසය බිඳ නොවෙන ආකාරයට ඔබලාත් වැඩ කටයුතු කළා. මම ඒක හොඳින් ම දන්නවා. ඒ වෙනුවෙන් මම ඔබලාට මගේ ස්තූතිය පිරි නමනවා. අද වගේම ඔබේ සහයෝගය කවදත් තිබෙයි කියා මම විශ්වාස කරනවා. නව අයවැය තුළින් අපි ඔබ හැමෝටම පහසුකම් කිහිපයක්ම, ප්රතිලාභ කිහිපයක් ම ලබා දී තිබෙනවා. බැංකු හරහා පහසුකම් කිහිපයක් ම ලබා දී තිබෙනවා. තව තවත් උදව් උපකාර අපි ලබා දෙනවා. බොරු ප්‍රචාර විශ්වාස කරන්න එපා. මොන ප්‍රශ්න ආවත් කවුරු මොනවා කීවත් මම හැමවිටම ඔබලාව ආරක්ෂා කරනවා. මෙය කිසිමදාක අමතක කරන්න එපා. මං ඔබේ භාරකාරයා. මං ඔබේ ඥතියා. ඔබට මා කෙරෙහි විශ්වාසය තබන්න පුළුවන්. ඒවගේම මමත් ඔබලාව විශ්වාස කරනවා. ඔබ හැමෝටම සුබ අනාගතයක් අනිවාර්යයෙන්ම උදාවෙනවා.