එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයට එක්වීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වෙමින් පවතිනවා. මේ දිනවල විදෙස් සංචාරයක නිරත විපක්ෂ නායකවරයා අද දිවයිනට පැමිණ අති අතර ඔහු හමුවීමෙන් පසු මන්ත්‍රීවරයා මෙම තීරණයට එළඹීමට නියමිත බවයි පැවසෙන්නේ. හෙට දිනයේදී සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රනිල් වික්‍රමසිංහ මහතා අතින් මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීමටද නියමිත බව සිරිකොත මාධ්‍ය වාර්තා සඳහන් කරයි. වසන්ත සේනානායක මහතා ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය ඞී.එස්. සේනානායක මහතාගේ මී මුණුබුරා ද වනවා. ඔහු පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය සමයේදීයි එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වුණේ. මේ පිළිබඳ විමසීමට වසන්ත සේනානායක මහතා සම්බන්ධ කර ගැනීමට අප දැරූ උත්සාහය ව්‍යර්ථ වුණා.