Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

මෙවර අය වැය ජනතාවට සහන රැසක් ලබා දෙන අය වැයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.එසේම මැතිවරණ ඉලක්ක කර ගනිමින් තමා මෙවර අය වැය සකස් කර නොමැති බවත් ඒ හරහා ජනතාව රැවටීමට තමා සුදානම් නොමැති බවද ජනාධිපතිවරයා කියා සිටියා.


රටේ ජන ජිවීතය නගා සිටුවන යෝජ
නා රැසක් මෙවර අය වැයට ඇතුළත් වන බවත් රටේ අනාගතය සම්බන්ධයෙන්ද එහි යෝජනා රැසක් ඇතුළත් වන බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.ඔහු මේ බව කියා සිටියේ (19) අරලිය ගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීය.
වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ ඉලක්ක කර ගනිමින් කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොකල බවත් මෙවර අය වැය හරහා ජනතාව රැවටීමට තමන් සුදානම් නොමැති බව ප්‍රකාශ කිරීමත් පට්ටපල් බොරුවකී.වත්මන් රජය මේ සියල්ලක් සිදු කරන්නේ මැතිවරණ ඉලක්ක කර ගනිමින් නොවෙනවා නම් මැතිවරණ වේදිකාවන් තුළදී ගිරිය පුප්පාගෙන අර පාර හැදුවා මේ පාර හැදුවා යැයි ප්‍රකාශ කරන්නේ ඇයි ?

එයින්ම රාජපක්ෂ බොරු කාරයෙක් බව ඔප්පු කර අවසන්.අවුරුදු ගණනාවකටත් නොකරපු ලෙස ජනාධිපතිවරයා පසු ගිය දිනවලදී යන්තම් විදුලි බිලත් ,ඉන්ධන මිලත් ,ගෑස් මිලත් අඩු කිරීමට කටයුතු කලා.නමුත් ඒ සහනය ඔහු විසින් ලබා දෙනු ලබන්නේ මාස කීයකටද යන්න අපද දැන ගැනීමට කැමැත්තෙන් සිටිමු.භාණ්ඩාගාරය බංකොලොත් කරමින් හෝ මේ මොහොතේ නම් නියත වශයෙන්ම ජනාධිපතිවරයා ජනතාවට සහන ලබා දෙනු ලැබේ.ඒ වෙන කිසිවක් නිසා නොව ජනාධිපතිවරණයට මුට්ටිය දැමීමටයි.
රටේ නිතීය පවා දේශපාලණිකරණය කරමින් රටේ ජනතාව ගොනාට අන්දමින් සිටින ජනාධිපති රාජපක්ෂට පාඩමක් ඉගැන්වීම ජනතාව සතු වගකීමයි.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live