Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

පසුගිය දිනවලදී දෙරණ "ඩ්‍රීම් ස්ටාර් "කිරුළ දිනා ගත් එම්.ජී. ධනුෂ්ක නිල්බලකායේ සාමාජිකයෙකු බවත් ඔහු ඉදිරියේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට එන බවට ඇගවීමට නාමල් රාජපක්ෂ සහ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කර තිබුණත් එය අද පට්ටපල් බොරු බවට පත්වෙමින් පවතී.


ඒ එම්.ජී. ධනුෂ්ක පුවත්පතකට ලබා දුන් ප්‍රකාශයක් අනූවයි.එය පහත දැක්වේ.(සිළුමිණ පුවත්පතේ රසදුන අතිරේකයෙන් උපුටා ගන්නා ලද්දකී )
"ඔබ දේශපාලනයට එන්න හදනවා කියලා රාවයක් ගියා නේද?
ඔව් එහෙම රාවයක් ගියා තමයි. නමුත් ඒක බොරුවක්. මම කවදාවත්ම දේශපාලනයට එන්නේ නැහැ. පසුගිය දවසක මම ගිරිඋල්ල ප්‍රදේශයේ ප්‍රසංගයකට ගියා. එතැනට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාත් ඇවිත් හිටියා. එතැනදි ඔහු කියලා තිබුණා මාව දකින්න කැමැතියි කියලා. ඉතින් මම ඔහු ළඟට ගිහිං කතා කළා. ඒ වෙලාවේ මන්ත්‍රීතුමා මට කිව්වා මල්ලි ඔයා හොඳට සින්දු කියනවා. ඉදිරියටත් වැඩේ හොඳට කරගෙන යන්න. මොකක් හරි උදව්වක් අවශ්‍ය වුණොත් කියන්න කියලත් කිව්වා. එච්චරයි එතැන සිදුවීම. ඒ සිදුවීමේදී මම නාමල් මන්ත්‍රීතුමා එක්ක කතා කරනවා ෆොටෝ අරගෙන ඒ ෆොටෝ එක්ක තමයි ප්‍රචාරයක් ගියේ මම දේශපාලනයට එන්න හදනවා කියලා. මම කවදාවත්ම දේශපාලනයට එන්නේ නැහැ."
නාමල් රාජපක්ෂ සහ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා එම්.ජී. ධනුෂ්ක දඩයම් කිරීමට කුරුමාණම් ඇල්ලුවද අද එය අසාර්ථකවී තිබේ.ඒ කොහොම නමුත් ප්‍රසිද්ධියක් ඇති ගායක ,ගායිකාවන් ,නළු ,නිළියන් අල්ලාගෙන ඔවුන් සමග සමූහ ලෙස ඡායාරූප ගෙන ඉන්පසු ඔවුන්ව ආණ්ඩුවට එක් කර ගැනීමේ මානසික රෝගය ආණ්ඩුවට තිබෙන බව අපද දැන ගෙන සිටියෙමු.නමුත් එම මානසික රෝගය බරපතල ලෙස පවතින්නේ නාමල්ට සහ අනුරට බව දැන් තහවුරුවී අවසන්.

එම්.ජී. ධනුෂ්ක සමග ඡායාරූප වලට පෙනී සිටිමින් ඔහුව අතකොළුවක් බවට පත් කර ගැනීමට නාමල් සහ අනුර උත්සහ දැරුවත් මෙහිදී නාමල්ගේ සහ අනුරගේ වෙස් මුහුණු ගැලවීමට තරම් එම්.ජී. ධනුෂ්ක නිර්භීතවී තිබේ.මොහොතක් හෝ එම්.ජී. ධනුෂ්ක තමා නැටවීමට නාමල් ඇතුළු පිරිසට ඉඩ කඩ ලබා දුන්නා නම් ඔහු වැටෙන ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට සක්‍ර දෙවියන්ටවත් හැකියාවක් ලැබෙන්නේ නොමැත.එසේම එම්.ජී. ධනුෂ්ක සම්බන්ධයෙන් ජනතාව සතුව ඇති ආදරය ,සෙනෙහස නැත්වී යන්නටද ඉඩ තිබුණි.මක් නිසාද යත් වත්මන් පාලනයේ දුර්දාන්තයෙන් ජනතාව අද වන විට හෙම්බත්වී ඇති නිසායි.
රාජපක්ෂගේ හුරතල් නාමල්ට සහ අනුරගේ පට්ටපල් බොරු නිසා ආණ්ඩුව ඉදිරියේදී මහා අර්බුධයකට මුහුණපානු ඇත.ඒ නිසා ඉන්න පිරිස රැක ගන්නා ලෙසත් නවක ගායකයන් වෙත ගොස් හිගා කෑම නවතා මහා රජාට සහය දක්වන ලෙසට නාමල්ගෙන් සහ අනුරට අප මතක් කරන්නෙමු.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live