Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

අතීතයේ දී තොටිල්ල පැදවීමට වෙන් වූ දෑත අද පිරිමින් හා කරට කර තරඟයක යෙදී ඇති බව පසක් කෙරෙන තවත් උදාහරණයක් ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රයෙන් වාර්තා වෙයි.
ගුවන් යානා ඉංජිනේරු වෘත්තිය තෝරා ගත් ශිනාලි තිසේරා දැනට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ, ගුවන් යානා නඩත්තු අංශයේ සේවය කරන එකම ඉංජිනේරු කාන්තාවයි.

තමා උපන් ගම කටුනායක වූ හෙයින් කුඩා කළ සිට නිතර දෙවේලේ ගුවන් යානා දකින්නට ලැබීම නිසා මෙම විෂය ක්ෂේත්‍රයට විශේෂ කැමැත්තක් ඇති වූ බවයි ශිනාලි බීබීසියට කියා සිටියේ.
ගුවන් යානා ඉංජිනේරුවරියක ලෙස පිරිමින් සමඟ උරෙ’නුර ගැටී කටයුතු කිරීම තමාට අභියෝගයක් නොවේ දැයි විමසූ විට ඇය කියා සිටියේ ගැහැණු පිරිමි වෙනසට වඩා තමන්ගේ දක්ෂතාවය සහ කැප වීම ඉදිරියට පැමිණෙන බවයි.
‘මිනිස්සු අතර මතයක් තියෙනවා මේ යාන්ත්‍රික වැඩවලට දක්ෂ පිරිමි විතරයි කියල. මම නම් ඒක විශ්වාස කරන්නේ නැහැ.’ ශිනාලි පවසයි. සම්පුර්ණ හඬ පටය අමුණා ඇත.

අතේ කර ගැට

යාන්ත්‍රික වැඩ කිරීමේදී ‘ඇණ මුරරිච්චි, අඬු මිටි’ පාවිච්චිය තරුණියකගේ සියුමැලි දෑතට රළු පරළු වැඩි බව ඇතැමුන්ගේ මතයයි.
නමුත් ශිනාලි තිසේරා පවසන්නේ නොපසුබට උත්සාහය සහ කැපවීම ඇත්නම් ඕනෑම සිහිනයක් සැබෑ කර ගත හැකි බවයි.
‘ප්‍රැක්ටිකල් එකේදී අපට මුලින්ම දෙනවා යකඩ කුට්ටියක් කපල පීරී ගාල ප්ලයර් එකක් හදන්න. ඕක තමයි ජීවිතේ පළමු වතාවට අතේ කර ගැට ආපු දවස. ඒ වුනාට හොඳම ප්ලයර් එක වුනෙත් මම හදපු එක.’
‘හැම දෙනාගේ ම ජීවිතවල හීනයක් තියෙනවා. ඒ හීනය හීනයක් ම නොවී සැබෑ කර ගන්න වැඩ කරන්න ඕන අපිමයි. ඒකට අවශ්‍ය සුදුසුකම් සපුරා ගෙන ඉස්සරහට යන්න ඕනෑම කාන්තාවකට ශක්තිය තියෙනවා.’ ඇය අතීතය සිහිපත් කරමින් පැවසුවාය.
(මේ දිරිය දියණිය සොයා යාමට අපට උර දුන් ගුවන් යානා ඉංජිනේරු හර්ෂ මාහින්ගොඩට අපේ ස්තුතිය.)

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live