Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

නෙස්ලේ සමාගම විසින් නිෂ්පාදනය කර අලෙවි කරන Maggi වෙළඳනාමය සහිත ක්ෂණික නූඞ්ල්ස් වල ඉතා අධික මාත‍්‍රා වලි Monosodium Glutamate හා ඊයම් අඩංගු බවට එරට රජය විසින් තහවුරු කළ අතර මේ වන විට ඉන්දියන් රුපියල් බිලියනයකට වඩා Maggi වර්ගයේ ක්ෂණික නූඞ්ල්ස් වෙළඳපොලෙන් ඉවත් කර විනාශ කිරීමට එරට බලධාරීන් ක‍්‍රියා කර ඇති නමුත් මෙරට සෞඛ්‍ය බළධාරින් මේ වනතෙක් ඒ සඳහා කටයුතු කර නොතිබීම කණගාටුවට කරුණක් බව ,ශ‍්‍රී ලංකා හරිත පක්ෂය නිකුත් කල නිවේදනයක දැක්වෙනවා.

පසුගිය සතිය තුළ සමස්ථ ඉන්දියාව පුරාම නෙස්ලේ සමාගම විසින් නිෂ්පාදනය කර අලෙවි කරන Maggi වෙළඳනාමය සහිත ක්ෂණික නූඞ්ල්ස් වල ඉතා අධික මාත‍්‍රා වලි Monosodium Glutamate හා ඊයම් අඩංගු බවට එරට රජය විසින් තහවුරු කළ අතර මේ වන විට ඉන්දියන් රුපියල් බිලියනයකට වඩා Maggi වර්ගයේ ක්ෂණික නූඞ්ල්ස් වෙළඳපොලෙන් ඉවත් කර විනාශ කිරීමට එරට බලධාරීන් ක‍්‍රියා කර ඇත.
ශ‍්‍රී ලංකාව තුළද මෙම සමාගම මගින් එම වෙළඳ නාමය භාවිතා කර ක්ෂණික නූඞ්ල්ස් වෙළඳ පොලේ ප‍්‍රමුඛයා වී සිටින්නේ ඔවුන් විසින් කරන දැවැන්ත වෙළඳ ප‍්‍රචාරය නිසා වේ. ලෝක ආහාර වෙළඳපොලේ නෙස්ලේ සමාගම යනු ඉතාමත් අපකීර්තිමත් ඉතිහාසයක් ඇති ආහාර නිෂ්පාදන සමාගමක් වේ. එය ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාවට වඩා ලාභය සඳහා බොහෝ අගතිගාමී ක‍්‍රියාවන් සහිත අතීතයක් ඇති ලෝකය තුළම ප‍්‍රසිද්ධ සමාගමක් වේ.
එවැනි සමාගමක් විසින් තම අසල්වැසි රට තුළ මේ සා විශාල ප‍්‍රශ්නයක් ඇති කර තිබුණද අපගේ සෞඛ්‍ය අංශයේ බලධාරීන් හා නිලධාරීන් මේ වනතෙක් ඒ සඳහා කටයුතු කර නොතිබීම කණගාටුවට කරුණකි.
මෙම බහුජාතික සමාගම් තම නිෂ්පාදන වල අමුද්‍රව්‍ය බොහෝවිට ලබා ගන්නේ එකම මාර්ගයන් වලින් වන බැවින් හා ලාභය සඳහා ඕනෑම බාල අමුද්‍රව්‍යයක් භාවිතා කිරීමේ සම්භාවිතාවක් ඇති හෙයින් ශ‍්‍රී ලංකාව තුළද ඔවුන් විසින් අලෙවිකරන ආහාර ද්‍රව්‍ය වලද මෙම විෂ සහිත රසකාරක හා බැර ලෝහ තිබිය හැකිය.
බැර ලෝහ යනු ඊයම් පමණක් නොවන අතර මෙම ආහාර තුළ Cadmium හා ආසනික් වැනි බැර ලෝහද තිබීමේ සම්භාවිතාව ඉතා වැඩිය. එමෙන්ම රසකාරක වශයෙන් Monosodium Glutamate වැනි උත්තේජකාරක රසකාරක ඉතා අධික මාත‍්‍රා වලින් මෙම නූඞ්ල්ස් පැකට් වල අඩංගු වන අතර ඒවා කොපමණද යන්න කිසිවෙකුත් නොදනී. ශ‍්‍රී ලංකාව තුළ මධුමේහය ඇතුළු බෝ නොවන රෝග වල ව්‍යාප්තිය ඉතා ඉහළ අගයක් ගන්නා අතර මෙම බෝ නොවන රෝග වලට ප‍්‍රධාන හේතුකාරක රසකාරකයක් වන Monosodium Glutamate මගින් මධුමේහය ඇති කරන බවට විද්‍යාත්මකව ඔප්පු කර ඇති තත්ත්වයක් තුළද රජය විසින් ඵීඨ භාවිතාව සඳහා අවම භාවිතා මට්ටමක් නිර්දේශ කර තිබීම ගැන අප විස්මයට පත් වන්නෙමු.
අද වන විට සෞඛ්‍ය බලධාරීන් විසින් ශ‍්‍රී ලාංකීය වෙළඳපොලේ ඇති මැගී නූඞ්ල්ස් වල ඊයම් පිළිබඳව සොයා බලන බවට ප‍්‍රවෘත්තියක් පල විය. ඊයම් පමණක් සොයා බැලීමෙන් මෙම ක්ෂණික නූඞ්ල්ස් වලින් ජනතාවට වන අයහපත ගණන් බැලිය නොහැක. විශේෂයෙන් කුඩා දරුවන් ලෙඩ කරන ”අජිනමොටෝ” නොහොත් MSG අඩංගු දැයි සොයා බැලීම අනිවාර්ය කළ යුතුය. ඉන්දියානු ආහාර අධිකාරිය විසින් ද මෙම නූඞ්ල්ස් වල MSG අධික මාත‍්‍රාවක් ඇති බවට තහවුරු කර ඇත.ජනතාවගේ විරෝධය සමතය කිරීම සඳහා ඊයම් පමණක් පරීක්ෂා කිරීමෙන් ඵලක් නොවන අතර MSG අඩංගු මාත‍්‍රාවද සොයා බලා ජනතාවට සත්‍ය දැනගැනීමට සලස්වන ලෙස අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.
පසුගිය ඉතිහාසයේ පාඩම් වලට අනුව ආහාර වල Melamine සිද්ධියේදීද, ආසනික් සිද්ධියේදීද සෞඛ්‍ය අමාත්‍ය බලධාරීන් හා නිලධාරීන් කටයුතු කළ ආකාරය ගැන ජනතාව විසින් ප‍්‍රශ්න කළ අතර මේ අවස්ථාවේදී මෙම ප‍්‍රශ්නය පිළිබඳව ජනතාවගේ පැත්තෙන් සිට ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව තකා මෙම පරීක්ෂණ සාධාරණව මෙහෙයවනවා යැයි යන්න අප විශ්වාස කරමු.
මෙහිදී මෙම වෙළඳ නාමය මෙන්ම වෙළඳ පොලේ ඇති අනෙකුත් වෙළඳ නාමයන් සහිත ක්ෂණික නූඞ්ල්ස් සඳහාද මෙම පරීක්ෂණ මෙහෙයවන මෙන් අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.
එමෙන්ම එය එසේ වනවාද යන්න පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලන අතර ඒ සඳහා ජනතාව වෙනුවෙන් කළ හැකි සියල්ල කිරීමට අප පසුබට නොවන බවද දන්වා සිටිමු.
වෛද්‍ය සුමිත් වන්නිආරච්චි,
සභාපති,ශ‍්‍රී ලංකා හරිත පක්ෂය
මේ සම්බන්ධයෙන් අප පසුගිය දිනවලදී ඵල කල පුවත දෙස අවධානය යොමු කරන්න.

(උපුටා ගැන්ම )

මහත් මතභේදයකට තුඩුදී තිබෙන ඉන්දියාවෙන් ආනයනය කර රටපුරා බෙදා හරින ක්ෂණික නූඩ්ල්ස් සම්බන්ධයෙන් පැන නැගී ඇති භයානක තත්වය පිළිබද මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරීම අදාළ සමාගම් මගින් මර්ධන කරමින් සිටින බව දකින්නට තිබේ.විශේෂයෙන්ම මෙරට ක්ෂණික නූඩ්ල්ස් අළෙවියේ ප්‍රමුඛ ස්ථානයක් දරන මැගී නූඩ්ල්ස් ගෙන්වා බෙදා හරින ආයතන ප්‍රධානීන් පෞද්ගලික සහ රාජ්‍ය විද්යුත් නාලිකා ඔස්සේ ප්‍රචාරය කරනු ලබන වෙළද දැන්වීම් දඩ මීමා කරගනිමින් සත්‍ය තත්වය ජනතාවගෙන් වසන් කරමින් සිටී.
පසුගිය සතියේ ඉන්දියානු රජය විසින් මැගි නුඩ්ල්ස් එරට භාවිතය අත්හිටුවීමට පියවර ගන්නා ලද්දේ එමගින් විවිධ රෝග වැළඳීමට ඇති ඉඩකඩ පිළිබඳ සළකා බැලීමෙන් අනතුරුවය.විශේෂයෙන්ම එහි අඩංගුවන රසකාරකවල ඊයම් මට්ටම මිනිස් සෞඛ්‍යයට අහිතකර ලෙස හා අනාරක්ෂිත මට්ටමකට ඇති බව පරික්ෂණවලින් අනාවරණය කර ගන්නා ලදී.
මේ අතර මැගි නුඩ්ල්ස් ඇතුළු දැනට මෙරට වෙළෙඳපොලේ අලෙවි කරන සියලූ‍ නුඩ්ල්ස් වර්ගවල සාම්පල වහාම ක‍්‍රියාත්මක වන පරිදි පරික්ෂාවට ලක් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල පවසයි.
මේ සම්බන්ධයෙන් අවදානය යොමු කරමින් ශ‍්‍රී ලංකාවේ ආහාර බලධාරියා වශයෙන් මැගි නුඩ්ල්ස් ඇතුළු සියලූ‍ නුඩ්ල්ස් වර්ගවල සාම්පල පරීක්ෂා කිරිමට තීරණය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.
මේ අනුව මේ වනවිටත් මැගි නුඩ්ල්ස් සාම්පල රසායනික පර්යේෂණ සඳහා කාර්මික තාක්ෂෂණ ආයතනයේ රසායනාගාරය වෙත යවා තිබේ. අනෙකුත් නුඩ්ල්ස් සාම්පල වහාම ලබා ගැනීමට තිරණය කර ඇති අතර, ඒවා ද ඉදිරි දිනවල අදාල පර්යේෂණ සඳහා යැවීමට කටයුතු යොදා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වුවද කාර්මික තාක්ෂෂණ ආයතනයේ වාර්තාව ලැබීමෙන් පසු එම නිර්දේශ අනුව මිනිස් සිරුරට හානිදායක මට්ටමින් යම් රසායනික ද්‍රව්‍ය එම නුඩ්ල්ස් සාම්පලවල පවතින බව සනාථ වුවහොත් එම නිෂ්පාදන වහාම මෙරට භාවිතය තහනම් කිරිමට කටයුතු යොදන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල සඳහන් කරයි.
ඒ අනුව තවමත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ මට්ටමේ පවතින බැවින් එහි ඇති අවධානම ගැන කියා දෙමින් ජනතාව එයින් ඈත් කර තැබීම රටක අවම මාධ්‍ය සදාචාරයවේ.නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගත් තීන්දුවවත් අවම වශයෙන් මෙරට පෞද්ගලික විද්යුත් නාලිකා හරහා විකාශය කිරීමට ආයතන බළධාරීන්ට හැකියාව ලැබුණේ නෑ.මුදල් මත යැපෙන බහුතර වෙබ් අඩවිද මේ සම්බන්ධයෙන් පල කල පුවත් සියල්ල ඉවත් කර තිබේ.
ඊයේ රාත්‍රියේ ස්වාධින රූපවාහිනිය හරහා පමණක් මේ සම්බන්ධයෙන් විකාශය කෙරුණු අතර එයටද මැගී නූඩ්ල්ස් ගෙන්වා බෙදා හරින ප්‍රධානින් බලපෑම් එල්ල කර ඇති බව ස්වාධින රූපවාහිනි නාලිකාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කලා.රටේ ජනගහනයෙන් බහුතර ප්‍රමාණයක් මැගී ඇතුළු ක්ෂණික නූඩ්ල්ස් වර්ග නිරන්තර ආහාරයට ගන්නා අතර එයිනුත් බහුතරයක් තරුණ ප්‍රජාව බව වගකිව යුතු මාධ්‍ය අමතක නොකල යුතු කරුණක් බව අප තරයේ අවධාරණය කර සිටින්නෙමු.

(උපුටා ගැන්ම අවසන් )

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live