දිවයිනේ තහනම් කරන ලද මත්ද්‍රව්‍ය මිශ්‍ර එන්.සී.නැමති මත්කුඩු කිලෝ එකහමාරක් (1Kg 500g)ක් ලඟ තබාගත් සැකකරුවෙකු ආගරපතන පොලීසිය මගින් ඊයේ (14) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.පාකිස්ථානයෙන් ආනයනය කරන ලද මෙම මත්කුඩු කුඩා ටින්වල අසුරා ග්‍රෑම් දහඅටක් (18g) බැඟින් වූ මෙම මත්කුඩු ටින් එකක් රු. තුන්සීය (300) බැඟින් ප්‍රදේශයේ පාසැල් ළමුන් ඇතුලු වතුකම්කරුවන්ට අලෙවි කරන බවයි කරන ලද මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී තිබෙන්නේ.
අත්අඩංගුවට ගත් එන්.සී. නැමති මත්කුඩු තොගය ඉතා සූක්ෂම ලෙස සැකකරුගේ වෙළෙඳපොලේ සඟවා තිබූ බවයි පොලීසිය පවසන්නේ.අත් අඩංගුවට ගත් සැකකරු ආගරපතන ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන බවත් ඔහු මේ වන විට පොලිස් ඇපමත මුදාහැර ඇති බවත් සැකකරුට එරෙහිව 2014.11.21 දින නුවරඑළිය මහා අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇති බවත් ආගරපතන පොලීසිය පවසනවා. මෙම එන්.සී.නැමති මත්ද්‍රව්‍ය අලෙවිකරන අය පිළිබඳව තොරතුරු ඇතොත් ඒ පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.