මුදල් පසු පස හඹා යෑම පමණක් ඉලක්ක කර ගත් ක්‍රිකට් ආයතනයේ සභාපති සහ එම නිළධාරින් ක්‍රිකට් ක්‍රීඩකයන් උකසට තබමින් ක්‍රීඩකයින් ඉන්දියාවට රැගෙන ගොස් ඒඅයගේ මානසිකත්වය බිද වට්ටමින් කටයුතු කිරීම නිසා ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජය වීම සම්බන්ධයෙන් ක්‍රිකට් නිළධාරින් වගකිව යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර ඊයේ පාර්ලිමේන්තුවේදි සදහන් කලා.
මෙය අන්ත පරාජයක් බවත් මෙය ලෝක කුසලානය තරගයට බාධාවක් බවත් පාර්ලිමේන්තුව අමතමින් සුජීව සේනසිංහද සදහන් කලා.
ඉන්පසු පාර්ලිමේන්තුව අමතමින් තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය කියා සිටියේ තමා ඒ වගකීම භාර ගන්නා බවයි.මෙම තරගයේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ සුදානමක් නොතිබූ බවත් සංචාර නිසා සියළු පුහුණුවීම් මග හැරුණ බවයි ඔහු පාර්ලිමේන්තුවට පෙන්වා දුන්නේ.මේ ක්‍රිඩකයන් වෘත්තීය මට්ටමේ අය අතර ඒ අයට සිදු කෙරෙන ගෙවීම් ලබා දීමට කටයුතු කරන බවද ඔහු පෙන්වා දුන්නා.
ඉන්පසුව පාර්ලිමේන්තුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රි අර්ජුන රණතුංග අසා සිටියේ මේ අය කතා කරන්නේ රෙදි ඇදගෙනද යන්නයි.සැලසුම් නැතිව ක්‍රිකට් තරගාවලි වලට යෑමට හැකියාවක් නොමැති අතරම ක්‍රිඩාවට මොණවා හරි වෙනවා නම් ඒකේ අවසන් වගකීම ක්‍රීඩා ඇමතිවරයාට පවතින බවයි මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ.ඒකෙන් කවදාවත් අත හෝද ගන්න බෑ යනුවෙන්ද මන්ත්‍රිවරයා කියා සිටියා.
ඉන්පසුව පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ කියා සිටියේ ඉන්දියාවේ එක තරගයක් පරාජයවූ නිසා ඇතැමුන් ලෝකය කඩා ගෙන වැටුණා සේ කටයුතු කරන බවයි.
මේ ප්‍රශ්නයේදී වගකීම භාර ගත යුතුව පවතින්නේ ක්‍රිඩා අමාත්‍යවරයා මිස තැපැල් නියෝජ්‍ය අමාත්‍යවරයා නොව.ක්‍රිඩා පුහුණු වීම් පවතින බව දැන දැනත් සංචාර සුදානම් කරමින් ලෝක කුසලානය බිල්ලට දීමට කටයුතු කරමින් සිටින්නේ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් බව රටම දන්නා කරුණයි. ප්‍රශ්නය එකකි.නමුත් ඒ ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ලබා නොදී කොහේවත් වැඩකට නැති සනත් ජයසූරිය සහ මහින්දානන්ද පිළිතුරු ලබා දෙන්නේ ලෝක කුසලානය ඩොලර් වලට විකුණන බව තහවුරු කරමිනි.