මේදිනවල සතියේ දින පහේම ආදර දෑසක් ටෙලි සිතුවම හරහා ආලින්දයට ගොඩවන තුෂාරි වේහැල්ල මේ තරම් හැඩ ඇයට ප්ලාස්ටික් සැත්කමක් සිදුකර තිබීම නිසා යැයි කේෂත්රයේ කතා බහට ලක්ව තිබේ.
ඇයට ප්ලාස්ටික් සැත්කමක් සිදු කිරීමට සිදුව ඇත්තේ විනෝද සවාරියකට ගොස් පය පැටලී බිම ඇඳ වැටීමෙන් පසුව ඇගේ මුහුණට සිදුවූ තුවාල හේතුවෙනි.
තුෂාරි මේ අනතුරට ලක්වූයේ මීට සිවු මසකට පමණ පෙරදීය.
මුහුණට තදබල හානි වීම නිසා තුෂාරිට ජීවිතය නැතිකර ගැනීමට පවා සිතුන බවද ඇය අනතුරින් පසුව මාධ්‍යට පවසා තිබිනි.
කෙසේවුවද මෙතෙක් තුෂාරිට කේෂත්ර යෙන් ආදර යෝජනා විත් නැති බවත් පැවසෙන අතර ඇයගේ ලොකුම හීනය තමන්ගෙ කියල ගෙයක් හදාගන්න එක බවද ඇය කියන්නීය.