Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරි පනත සංශෝදනය සදහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි විජයදාස රාජපක්ෂ ඊයේ පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කලා.නමුත් එයට ආණ්ඩු පක්ෂයෙන් නම් එල්ල වූයේ දැඩි විරෝධතාවයක්.
විජයදාස රාජපක්ෂ විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය ස්ථීර කරනු ලැබුවේ එජාප මන්ත්‍රි සජිත් ප්‍රේමදාසයි.නමුත් එයට දැඩි ලෙස විරෝධය පල කල ආණ්ඩු පක්ෂයේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ "කලබල නොවී ඉන්න මේ පනත ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන් වැරදි "බවයි.එසේම සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායකද කියා සිටියේ අධිකරණ නියෝගයක් නිසා 80% කතාව ගෙනාවේ නොමැති බවත් ඔය පිළිබද කතා කර ලකුණු ලබා ගැනීමක් සිදු නොකර සිටින ලෙසටද ඔහු එජාප මන්ත්‍රිවරුන්ට කියා සිටියා.

මන්ත්‍රි කෙනෙකු යම් යෝජනාවක් ගෙනා විට එය ස්ථීර කිරීමට අයිතිය පවතින බවට සජිත් ප්‍රේමදාස මෙහිදී සදහන් කලත් නියෝජ්‍ය කතා නායක චන්දිම වීරක්කොඩි සදහන් කලේ "ඔබතුමාට එයට විරුද්ධ වීමට අයිතියක් තියනවා.ඒවගේම එය අනුමත නොකිරීමට සභාවට අයිතියක් තියනවා "යනුවෙනි.මොන දක්ෂයා මෙය ඉදිරිපත් කලත් එය නිතී විරෝධි බැවින් ප්‍රතික්ෂේප කරන බවයි ආණ්ඩු පක්ෂය දිගෙන් දිගටම සදහන් කලේ.
ඉන්පසුව මේ සම්බන්ධයෙන් ඡන්දයක් පැවැත්වීමට නියෝජ්‍ය කතා නායකවරයා තීරණය කල අතර එහිදී දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරි පනත සංශෝදනය සදහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට පක්ෂව ඡන්ද 13ක් සහ විපක්ෂව ඡන්ද 27ක් ලැබීම නිසා විජයදාස රාජපක්ෂට පනත ඉදිරිපත් කිරීමට මුලසුනෙන් අවසර ලැබුණේ නැත.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ක්‍රිස් නෝනිස්ට කළ පහරදීම සම්බන්ධයෙන්ස්ථාවර නියෝග 23/2 යට‍තේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබුණද එයටද අවසර පාර්ලිමේන්තුවෙන් ලැබුණේ නැත.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live