රනිල් වික්‍රමසිංහගේ විපක්ෂ නායක කාර්යලය ප්‍රතිසංස්කරණය කිරීමට පවා රුපියල් කෝටි 5ක් වෙන්කර තිබෙන්නේ වත්මන් රජය බවත්, එබැවින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පවා වත්මන් ආණ්ඩුව වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදුපහසුකම් අමාත්‍ය විමල් වීරවංශ පවසයි. රුපියල් ලක්ෂ 60ක වියදමින් වසර 33 කට පසුව පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කළ කොළඹ 12 සුචරිත මාවත මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ රනිල් වික්රමසිංහත් සජිත් ප්‍රේමදාසත් සමගි බව පෙන්වීම සදහා එකම වේදිකාවක අත් අල්ලාගෙන සිටියට රනිල් වික්රමසිංහව පරාජයට පත්කර පක්ෂ නායකත්වය ලබාගැනීමේ සජිත් ප්‍රේමදාසගේ යටි අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවයි.
සජිත් ප්‍රේමදාස මහත්තයා මේ රටේ නායකත්වයට එන්න හිතනවා නම් එය කොහොමද? එතුමාට කරන්න පුළුවන්. දැන් අපි හිතමු ජනාධිපතිවරණයක් එනවා කියලා. එයට රනිල් වික්‍රමසිංහ මහත්තය ඉල්ලලා රනිල් වික්‍රමසිංහ මහත්තය ජයග්‍රහණය කළා කියල හිතමු. සජිත් ප්‍රේමදාස මහත්තයට යන කළ මොකද්ද? හොදයිද? සජිත් ප්‍රේමදාස මන්ත්‍රිතුමාට මුලින්ම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයක් ලැබෙන්න ඕනේ වෙන නායකත්වයක් ලබන්න.
ඒක නොලැබී වෙන මොනවත් ලැබෙන්නේ නැනේ. දැන් එතුමාට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලැබෙන්නේ කොහොමද? ඒ රනිල් වික්‍රමසිංහ මහත්තය ජනාධිපතිවරණයෙන් පැරදුනොත් එතුමාට ඓතිහාසික 30වන පරාජය හිමිවෙනවා. රනිල් මහත්තය පැරදුනොත් එතුමාව පොට්ටනිකරළ ගඟේ මුහුදේ පාකරලා යවන්න සජිත් මහත්තයාට අවස්ථාවක් ලැබෙනවා. හැබැයි වැරදිලාවත් ජයග්‍රහණය කළොත් සජිත් මහත්තයට ලංකාවේ ඉන්නත් බැරිවෙනවා. බටලන්ද එහෙම අහලා තියෙනවනේ ඒවා නොදන්න කතා නෙවෙයිනේ. ඒ නිසා සජිත් මහත්තය අත අල්ලගෙන නෙවෙයි අත් දෙකම අල්ලගෙන ඉස්සුවට එතුමා දන්නවා රනිල් මහත්තයා කවදාවත් දිනන්නේ නැති බව. ඒ නිසා සමගිය සමගිය කිය කිය බය නැතිව ඉන්නවා.
හැබැයි යන්තම් හරි හිතට බයක් දැනුනොත් මෙහෙම අත් අල්ලගෙන ඉදලා ලොක්කා කරුමෙට හරි දිනුවොත් ලෝක ලෙඩක් කියලා අනිවාර්යයෙන් අත බිමට දාගන්නව. අද එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින්ට තියෙන්නේ රටේ නායකත්වය වෙනස් කිරීමේ ප්‍රශ්නයක් නෙවෙයි තමන්ගේ පක්ෂයේ නායකත්වය වෙනස් කිරීමේ ප්රශ්නයයි ඒ අයට තියෙන්නේ. පක්ෂයේ නායකත්වය වෙනස් කරගන්න බැරුව කොහොමද එක්සත් ජාතික පාක්ෂිකයින්ට හැකිවෙන්නේ රටේ නායකත්වය වෙනස්කරන්න. සාර්ථක 30වන පරාජය වෙනුවෙන් තමන්ගේ අපේක්ෂකයව නැවතත් කැඳවනවා. පැරණි පිතිකරු හැමවෙලේම හිට් විකට්. ඒ කියන්නේ බෝලේ දාන්න කලින් පිත්ත කඩුල්ලේ වද්දගන්නව. පන්දු යවන්න විදිහක් නැහැ. ඒ නිසා අපි අහන්නේ රටේ නායකත්වය වෙනස්කරන්නේ කොහොමද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කරන්නේ නැතිව. එක්සත් ජාතික පක්ෂයේ ඉන්න නායකයාට දිනන්න බැහැ කියලා කියන්නේ කවුද? එක්සත් ජාතික පක්ෂයේම ඉන්න අය දැන් බලනවා හරියක් ගහල පුළුවන් කියලා පෙන්වන්න.
හරි එකක් නෙවෙයි 100ක් ගැහුවත් එ අයට බැහැ. ලොක්ක පැරදුනොත් තමයි මට බලය ලැබෙන්නේ කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා දන්නවා. ඒ නිසා ලොක්ක පරාජය වන ආකාරයට වැඩකරන්නේ කෙසේද? ඒ විදිහට වැඩකරන්න කල්පනා කරනවා. උඩින් ඔපේ යටින් හපේ. ඒ කියන්නේ එළියෙන් සමගිය යටින් ප්‍රහාරය. ඒ තමයි එතුමාගේ උපාය, ක්‍රමය. හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියන්නේ ඒ වගේ සමගියට තමයි.
හිටපු ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා කොටි ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වෙලා මියගියාට පසු අද සජිත් ප්‍රේමදාස මැතිතුමා බලාපොරොත්තු වෙනවා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට එන්න. මට දැනගන්න ලැබුණා එතුමා ප්‍රකාශ කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ නිවාස හිඟය ලක්ෂ 15යි කියලා. පරණ ගණන තවම කියනවා. 2012 වර්ෂයේ ජන හා නිවාස සංගණනය අනුව ලංකාවේ නිවාස අවශ්‍යතාවය උපරිම ලක්ෂ 7යි. එතුමා තවම කියනවා ලක්ෂ 15ක් නිවාස නොමැතිව සිටිනවා කියලා. ඒක බොරු. මම දන්නේ නැහැ ඇයි බොරු කියන්නේ කියලා. කලින් නම් නොදැන කියනවා වෙන්න පුලුවන් . 2012 ජන හා නිවාස සංඝණනය කළාට පසුව ඒ තොරතුරු මත අපි පදනම් විය යුතුයි. ශ්‍රී ලාකාවේ පැල්පත් තියෙන්නේ 136000යි. කලින් ඒවා ලොකු ගණන් තිබුණා. 2011 වසරේදී පමණක් ලක්ෂ 4 ක් නිවාස ඉදිකරලා තියෙනවා. මීට පෙර අවුරුද්දකට සියලුම අංශවලින් ගෙවල් හැදුනේ 250000යි. එය 2011 වසරේදී පමණක් ලක්ෂ 4 දක්වා වැඩිවෙලා තියෙනවා. නොදැන හෝ සජිත් ප්‍රේමාදාස මැතිතුමා බොරු කියන එක අපි අනුමත කරන්නේ නැහැ.
අද විපක්ෂ නායක කාර්යාලය ප්‍රතිසංස්කරණය කරන්න රුපියල් කෝටි 5ක් වෙන්කරන්න අමාත්‍ය මණඩලය තීරණයක් අරගෙන තියනවා. විපක්ෂ නායකතුමාගේ කාර්යලයක් රුපියල් කෝටි 5ක් වෙන්කරලා හදලා දෙන ආණ්ඩුවක්, රුපියල් ලක්ෂ 60ක් වැයකරලා මේ මහල් නිවාස ක්‍රමය ප්‍රතිසංස්කරණය කරන ආණ්ඩුවක් කලින් තිබිලා තියෙනවාද? විපක්ෂ නායකතුමාටත් දැන් හිතෙනවා ආණ්ඩුවක් ඕනේ නැහැ මගේ කාර්යාලයත් රුපියල් කෝටි 5ක් වියදම් කරලා හදලා දෙන නිසා. අතීත දේශපාලන කන්නාඩියෙන් බලන්න එපා, එය කල් ඉකුත්වූ දෙයක්. අපි සමගි වුණොත් ඕනෑම අභියෝගයක් ජයගන්න පුළුවන්.“